‘ටී-20 බ්ලාස්ට්‘වෙනුවෙන් මහේල ලැන්කෂයර් පිලට

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ ‘ටී-20 බ්ලාස්ට්‘ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම තරගාවලියේදී ලැන්කෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර ඇත.

‘ටී-20 බ්ලාස්ට්‘ එංගලන්තයේ ප්‍රාන්ත අතර පැවැත්වෙන ප්‍රධානතම විස්සයි-20 තරගාවලිය වේ.

මිට පෙර එංගලන්තයේ සසෙක්ස් සහ සමර්සෙට් පිල වෙනුවෙන්ද ක්‍රීඩා කර ඇති මහේල 2015 වසරේ දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

මේ වන විට ටෙස්ට් තරග 149 කට ක්‍රීඩා කර ඇති මහේල, ටෙස්ට් ලකුණු 12,000 කට ආසන්න ප්‍රමාණයක් රැස්කර ඇති අතර සීමිත ඕවර තරග වලදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 14,000 ඉක්මවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =