ද. කොරියාවේ රැකියා සඳහා යන අයට කාර්යංශයෙන් සහනයක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේදී එක් අයෙකුගෙන් අය කිරීමට නියමිත වූ ආරක්‍ෂිත තැන්පතු මුදල වන රුපියල් පන් ලක්ෂයක මුදල අද (09) සිට වහාම අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශය තීරණය කර ඇත.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකොරල මහත්මියගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.

ඉකුත් 05 වැනිදා සිට එම මුදල ආරක්ෂිත මුදලක් ලෙස අය කර ගැනීමට විදේශ රැකියා නියුක්ති කාර්යංශය මීට පෙර තීරණය කර තිබුණි.

එය අයකර ගැනීමට තීරණය කර තිබුණේ දකුණු කොරියාව සඳහා නීත්‍යානුකූලව පිටත්වන ශ‍්‍රමිකයන් වෙනුවෙන් දැනට කි‍්‍රයාත්මක වන ඇප බැඳුම්කරයට අමතරවය.

ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් 26,000ක් දැනට දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *