වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ විශේෂ රථවාහන සැළැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ පැවැත්වෙන වෙසක් කලාප හා විවිධ වැඩසටහන් හේතුවෙන් හෙට(10) සිට ලබන සෙනසුරාදා (13) දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව පහත සදහන් මාර්ග සම්පූර්ණයෙන් වසා දැමීමට හෝ ගමනාගමන කටයුතු සීමා කිරීමට සිදුවන බව දැනුම් දෙයි.

බෞද්ධාලෝක මාවත – කනත්ත වටරවුමේ සිට ස්ටැන්ලි විජේසුන්දර හංදිය දක්වා කොටස
ග්‍රෙගරි පාර – කිංසි පාර හංදියේ සිට මෙට්ලන්ඩ් ක්‍රසන්ට් හංදිය දක්වා කොටස
සර් ජේම්ස් පීරිස් මාවත – කොම්පඤ්ඤවීදිය වටරවුමේ සිට පිත්තල හංදිය දක්වා කොටස
ඩෝසන් වීදිය – යුනියන් පෙදෙස සිට බේබෲක් පෙදෙස දක්වා කොටස
බේබෲක් පෙදෙස – හයිඩ් පාර්ක් පාර හංදියේ සිට මුත්තයියා පාර, පාර්ක් වීදිය හංදිය අතර කොටස
ජිනරතන මාවත – ජේම්ස් පීරිස් මාවත හංදිය සිට පාර්ක් විදිය හංදිය දක්වා කොටස
චෛත්‍ය පාර – එන්. එස්. ඒ වටරවුම සිට වරාය දෙසට
කොළඹ නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන වෙසක් කලාප හා විවිධ වැඩසටහන් බාධාවකින් තොරව මහජනතාවට නැරඹීම සදහා රථවාහන හැසිරවීමේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් 775දෙනෙක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

වෙසක් කලාප නැරඹීම සදහා කොළඹට පැමිණෙන ජනාතාව හැකි සෑම අවස්ථාවකම මාර්ග තදබදය පවතින ස්ථානයන් ඔස්සේ රිය ධාවනයෙන් වැළකී සිටින ලෙසත් හැකිතරම් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙසත්, රථගාල්වල පමණක් වාහන නතර කිරීමට ක්‍රියා කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙක් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *