වෙසක් සමයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිදු හිගයකින් තොරව ලංකා සතොසෙන්

(කොළඹ, ලංකාපුවත්) – වෙසක් සමයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලබා දීමට අවශ්‍ය තරම් තොග ලංකා සතොස ශාකා වෙත නිකුත් කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

පෙර වර්ෂයට සාපේක්ෂව මෙවර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහළ ගොස් තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා,

” අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පසුගිය වර්ෂයේ වෙසක් සමයට සාපේක්ෂව මෙවර පහළ ගොස් තිබෙනවා. ගිය වසරට වඩා ආනයනික ලොකු ලූණු කිලෝවක් රුපියල් 15කින්ද, සුදු සීනි කිලෝවක් රුපියල් 10කින්ද, පරිප්පු කිලෝවක් රුපියල් 40කින්ද වශයෙන් තොග මිල අඩු වී තියෙනවා. නමුත් පෙර වර්ෂයේ වෙසක් සමයේ පැවැති පාරිභෝගික ඉල්ලුමට සාපේක්ෂව මෙවර පාරිභෝගික ඉල්ලුම 30% කින් පමණ අඩුවී ඇතැයි වෙළෙඳපොළ නිරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. ” යැයි ප්‍රකාශ කළේය.

ඉල්ලුම අඩු වුවත් පාරිභෝගිකයින්ට අවශ්‍ය සියළුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිවයිනේ ඕනෑම සතොස අළෙවිසැලකින් ලබා ගැනීමට පාරිභෝගිකයිකයින්ට හැකි අතර පවතින උපරීම සිල්ලර මිලට සහල් තොග අවශ්‍ය තරම් ලබා ගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =