ළඟදීම මිලෙන් අඩු පිළිකා ඖෂධයක් මෙරට වෙළෙදපලට

(කොළඹ, ලංකාපුවත්) – පිළිකා රෝගීන් වෙනුවෙන් ඇති තවත් ඖෂධයක් මෙරට වෙළෙදපොළට හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ඖෂධය මීට පෙර භාවිත කළ ඖෂධවලට වඩා මිලෙන් අඩු බවයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර හෙද විද්‍යාලයේ 2014 බී කණ්ඩායමෙ හෙද හෙදියන් සේවයට කැපවීමේ උත්සවය අමතමිනි.

සමාගම් විසින් සිදු කරන ඖෂධ කොල්ලයට මුහුණ දෙන බව ද ඇමතිවරයා එහිදී අවධාරණය කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වු ඇමති රාජිත සේනාරත්න මහතා කියා සිටියේ, “පිළිකා රෝග සදහා භාවිතා කරන ඖෂධ මිල අධිකයි. බහුජාතික සමාගමක් විසින් එක් ඖෂධයක් මෙරට රෝහල්වලට සපයනු ලැබුවා. මම දෙවන ඖෂධය ලෙස රුසියාවෙන් ආනයනය කරන ලද පිළිකා ඖෂධයක් ඛෙදාහරිනු ලැබුවා. ඉදිරියේ දී තුන්වන පිළිකා ඖෂධය ගෙනඒමට මම කටයුතු කරනවා. එම ඖෂධය මිට පෙර භාවිතා කළ ඖෂධ වලට වඩා මිලෙන් අඩුයි. ඒ සදහා අවශ්‍ය උපදෙස් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලබා දී තිඛෙනවා. නිදහස් සෞඛ්‍ය ලෙස පෙන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේ සමාගම් පොහොසත් කිරිම පමණයි සිදු කර ඇත්තේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × one =