ඉන්දු – පාකිස්ථානු ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවකින් දෙදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –කාශ්මීර දේශසීමාව අසලදී ඉන්දියානු හා පාකිස්ථානු ආරක්ෂක අංශ අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඉන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

කාශ්මීරයේ පාකිස්ථානය විසින් පාලනය කරන කොටසේ පිහිටි සබ්ස්කොට් ගම්මානයේයි මෙම වෙඩි හුවමාරුව සිදු ව ඇති බව වාර්තා වේ.

2003 වසරේදී ඉන්දියාව සහ පාකිස්ථානය සටන් විරාම ගිවිසුමකට එළඹුණද, දෙපාර්ශවයම එය වරින්වර කඩ කරමින් එකිනෙකාට චෝදනා කරගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 15 =