ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන තීන්දුව 15තෙක් අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හිටුවීමට දුන් තීන්දුව ලබන 15 වනදා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අදාළ තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සමක් අද(12) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේදීය.

එමෙන්ම මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සම ද ලබන 15 වනදා සලකා බැලීමට තීරණය වී ඇත.

බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම කැඳවනු ලැබීය.

2015 වසරේ පැවති මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රීක්කය සඳහා තරඟ වැදුණු ගීතා කුමාරසිංහ මහත්මිය මනාප ඡන්ද 63,955ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =