ජනපති මෛත්‍රී හා ඉන්දීය අගමැති මෝදි අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුව ඊයේ(11) පස්වරුවේ සිදු විය.

ජාත්‍යන්තර වෙසක් දින උළෙලෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ රාත්‍රීයේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධාන කර තිබුණි.

මන්දිරය වෙත පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අග්‍රාමාත්‍ය රනිල් විනක්‍රමසිංහ,කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර් සම්බන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්ණේෂ්වරන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, රවී කරුණානායක, නිමල් සිරිපාලද සිල්වා, රාජ්‍ය අමාත්‍ය එච් එම් ෆව්සි ඇතුළු පිරිසක්ද ජනාධිපතිතුමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පිරිණැමූ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *