දන්සැල්වල ප්‍රමිතිය දුරතියා හඳුනා ගැනීමට ලබන වසරේ සිට ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) – දන්සැල් පැවැත්වීමේ දී අදාළ දන්සැල සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමත සුරක්‍ෂිත ආහාරපාන ලබා දෙන එකක් ලෙස මහජනතාවට දුර තියා දැන ගැනීමේ ක්‍රමවේදයක් කෙරෙහි අවධානය යොමුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව දන්සලේ ප්‍රමිතිය පිළිබද විශේෂ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම වැනි ක්‍රමවේදයක් හදුන්වා දීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් මේ වසරේ දී එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බව උපුල් රෝහණ මහතා කීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × one =