ශ්‍රී ලංකාවේ GSP+ බදු සහනයට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – ජී එස් පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා සංගමයේ විදේශ සහ වෙළෙද අමාත්‍යවරුන්ගේ කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව ජී එස් පී ප්ලස් බදු සහනය ලබාගැනීමට සම්පූර්ණ කළයුතු කඩඉම් තුනෙන්ම ශ්‍රී ලංකාව මේවන විට ජයග්‍රහනය කර ඇත.

ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් බදු සහනය ලබා දීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව පසුගියදා වැඩි ඡන්ද 317කින් පරාජයට පත්විය. ජීඑස්පී සහනය ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා සංගමය මේ වන විට තීරණය කර තිබේ.

ඉදිරි සතියේදී ජී එස් පී ප්ලස් සහනය ලබාදීමට අදාළ නිල කාර්යයන් ඉටුකිරීමට මේ අනුව හැකියාව ලැපෙනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කැප වීමෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට වත්මන් රජයට හැකි විය.

2005 වසරේදී ජී එස් පී ප්ලස් සහනය පළමුවරට ශ්‍රි ලංකාවට ලැබුණු නමුත් 2010 වසරේදී එය ශ්‍රී ලංකාවට අහිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *