හදිසි ගිලන්රථ සේවය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඉන්දීය සහාය

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය පරිත්‍යාග යටතේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකව කෙරෙන 1990 හදිසි ගිලන් රථ සේවය ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සහය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා පැවසීය.

ඉන්දීය රජයේ ආධාර මත හැටන්, දික්ඔය රෝහලේ ඉදිකරන ලද නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ උළෙලට අද(12) එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ වන විට කොළඹ සහ දකුණු පළාත්වල මෙම හදිසි ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කර තිබේ.

මෙම උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව මෝදි අගමැතිවරයා මහනුවර දළඳා මාළිගාවේ ආගමික වතාවත්වලට එක්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =