‘එක් තීරයක් – එක් මාවතක්’වැඩපිළිවෙලේ කේන්ද්‍රීය සංවර්ධන කරුණු චීන උප අගමැති පහදයි

(කොළඹ, ලංකාපුවත්) – චීන උප අගමැති චාං ගාඕ ලී මහතා ‘එක් තීරයක් – එක් මාවතක්’ ජාත්‍යන්තර සමුළුවේ පූර්ණ සැසියට එක් වෙමින් දේශනයක් ඉදිරිපත් කළේය.

ප්‍රතිපත්තිමය අදහස් හුවමාරුව, පහසුකම් සම්බන්ධ කිරීම, වෙළෙඳ පහසුකරණය, මූල්‍ය සංසරණය, ජනතාවගේ හදවත් බැඳීම යන්න ‘එක් තීරයක් – එක් මාවතක්’ වැඩපිළිවෙළ සංවර්ධනයේ කේන්ද්‍රීය කරුණු වු බව චාං ගාඕ ලී මහතා එහිදී පෙන්වා දුන්නේය.

සහයෝගිතා පිළිබඳ පොදු අදහස් එකතු කිරීමටත් සහයෝගිතා මට්ටම ඉහල නංවාලීමටත් නව ආකාරයේ සහයෝගතා වේදිකාවක් ගොඩනැගීමටත් ඒ හරහා අදාළ රටවල ජනතාවට සුභ සෙත සැලසීමටත් විවිධ රටවල් උත්සාහ කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

මෙම සමුළුවට එක් වන විවිධ රටවල් ‘එක් තීරයක් එක් මාවතක්’සංවර්ධනය සහ මානව අභිවෘද්ධිය සංවර්ධනය කිරීමේ පොදු අරමුණක් සහිත ප්‍රජාව ගොඩනැගීම සඳහා වඩා වැඩි බුද්ධිය හා ශක්තිය ලබා දීමට බලාපොරොත්තු වන බව ද චාං ගාඕ ලී මහතා එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *