වැඩිම ආදායමක් උපයන අමාත්‍යංශයක් බවට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය භාණ්ඩාගාරය වෙත බරක් නොවී වැඩිම ආදායමක් ලබා දෙන අමාත්‍යංශයක් බවට මේවන විට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය කියා සිටියි.

රාජ්‍ය භාණ්ඩාගාරයට දිනකට රුපියල් මිලියන 20ක් ලබා දෙන බව ඇය පැවසුවාය.

අමාත්‍යංශය යටතේ ජාතික උද්‍යාන, සත්වෝද්‍යාන, උද්භිත උද්‍යාන, අභය භූමි රැසක් ක්‍රියාත්මක වේ. එම ස්ථාන මේවන විට ප්‍රබල සංචාරක මධ්‍යස්ථාන බවට පත්ව තිබේ.

දෙස් – විදෙස් සංචාරකයන් හේතුවෙන් අදවන විට රාජ්‍ය භාණ්ඩාගාරය වෙත දිනකට රුපියල් මිලියන 20ක් ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *