උතුරු මැදට රංජිත් වෙනුවට සුසිල් පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එස් එම් රංජිත් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සඳහා සුසිල් ගුණරත්න මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.

උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැතිවරයාව සිටි කේ.එච්.නන්දසේන මහතා හදිසියේම තනතුරින් ඉවත් කිරීම හේතුවෙන් එස්.එම් රංජිත් මහතා ද පසුගියදා ධූරයෙන් ඉල්ලා අස් විය.

සුසිල් ගුණරත්න මහතා උතුරු මැද පළාත් ප්‍රවාහන සමූපාකාර වෙළෙද,ආහාර, ක්‍රීඩා, යෞවන කටයුතු හා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ධූරයේ මෙසේ දිවුරුම් දුන්නේ පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක ඉදිරියේය.

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 3 =