ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන පුළුල් පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) – ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම නුසුදුසු බවට අභියාචනාධිකරනය විසින් ලබා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල අභියාචනා පෙත්සම් විභාගය ඊයේ(15)ආරම්භ කෙරුණි.ඒ, ඊවා වනසුන්දර ,උපාලි අබේරත්න හා අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ඉදිරියේය.

මේ තීරණයත් සමඟ ද්විත්ව පුරවැසිභාවය ඇති අනෙකුත් මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු සොයා බලන බව අමාත්‍ය එස්.බී.නාවින්න මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − ten =