(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ නව ජනපති එමානුවෙල් මැක්රොන් විසින් ප්‍රංශයේ නව අගමැතිවරයා නම් කර තිබේ.
ඒ අනුව ඔහු විසින් එඩොආඩ් පිලිප් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.
ප්‍රංශ ජනාධිපති නිල නිවස වන ‘ඒලීසේ’ මාලිගයේ සිට ජනාධිපතිවරයා, නව අගමැතිවරයා නම් කර තිබේ.
46 හැවිරිදි වියේ පසුවන එඩොආඩ් පිලිප්, නීති සම්පාදකයෙකු බවට තොරතුරු වාර්තා වේ.