අධිවේගයේ වැරදි කළ අය මාස 05කදී රු.99,19930ක දඩමුදල් ගෙවයි

(කොළඹ, ලංකාපුවත්) – දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ නීති කැඩූ රථවාහන වැරදි සදහා අධිකරණයට ඉදිරිපත් කර දඩමුදල් ලෙස මේවසරේ ජනවාරි 01වනදා සිට ඊයේ(15) දක්වා කාලය තුළ දී රුපියල් 99,19930ක මුදලක් අයකර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

2017.01.01 සිට 2017.05.15 කාල සීමාවේ දී දක්‍ෂිණ අධිවේගයේ සහ කටුනායක අධිවේගයේ මාර්ග නීති කැඩූ රථවාහන රියදුරන් 19,837දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.

මේ අතරින් වැඩිම වැරදි සංඛ්‍යාවක් ලෙස වාර්තා වන්නේ අධික වේගයෙන් රිය පැදවීමයි. ඒ සම්බන්ධයෙන් රියදුරන් 7,127දෙනෙකුට නඩු පවරා තිබේ. පිළිවෙලින් අනෙකුත් වැරදි වන්නේ රථවාහන පහන් වැරදි, මාර්ග නීති උල්ලංඝනය, අදුරු වීදුර සහිත ධාවනය වැනි දෑය.

එසේම ජංගම දුරකථනයෙන් කතා කරමින් රිය ධාවන වැරදි 346ක් ද වාර්තා වූ බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *