මෙක්සිකෝවේ මාධ්‍යවේදියෙක්ව වෙඩි තබා ඝාතනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙක්සිකෝවේ මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

එරට සම්මානලාභී මාධ්‍යවේදියෙකු වන ජාවියර් වැල්ඩෙස්වයි මෙලෙස ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් ය.

කියුලියකාන් නගරයේ පිහිටි සේවා ස්ථානයට යමින් සිටින අතරතුර නාදුනන තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු ජිවිතක්‍ෂයට පත්ව ඇත. ඔහු මෝටර් රථයේ සිටිය දී එයින් ඇද පසුගිය සදුදා මෙලෙස වෙඩි තබා ඇති බව වාර්තාවේ.

මියයන විට 50 හැවිරිදි වියේ පසුවූ වැල්ඩස් 2011 වර්ෂයේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ මාධ්‍ය ආවරණයක් සදහා මාධ්‍යවේදීන් ආරක්‍ෂා කර ගැනීමේ කමිටුව විසින් පිරිනමනු ලබන ජාත්‍යන්තර මාධ්‍ය නිදහස පිළිබද සම්මානයට ද පාත්‍ර විය.

ඔහු මෙම වසර තුළ මෙක්සිකෝවේ දී ඝාතනයට ලක්වූ පස්වන මාධ්‍යවේදියා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *