GSP + බදු සහනය මැයි 19වනදා සිට ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට යළි ලබාදුන් ජී.එස්.පී ප්ලස් බදු සහනය මැයි මස 19 වන දින සිට බලපැවැත්වෙන බව යුරෝපා සංගමය සදහන් කරයි.

යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයට අදාළව ශ්‍රී ලංකාව හා මාලදිවයින පිළිබඳ නියෝජිත පිරිසේ ප්‍රධානියා වන තුන්-ලායි මාර්ගූ මේ බව පවසන ලදි.

ඔහු කියා සිටියේ මෙම සහනය ශ්‍රී ලංකාවට ලැබීමත් සමග වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හා වෙළෙඳ ගිවිසුම් සඳහා වඩාත් පෙළඹෙනු ඇති බවය. මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නොව මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටද මෙයින් වාසි අත්වන බව හෙතෙම පැවසීය.

ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ පැවති මානව හිමිකම් තත්ත්වය හා වධ හිංසාවට ලක් කිරීම් සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳ දීර්ඝ වශයෙන් සලකා බැලූ බවත්, තත්ත්වය යම් තාක් දුරට යහපත් වී ඇති බවත්, එය ඉදිරියටත් වර්ධනය කරගත යුතු බවත් තුන්-ලායි මාර්ගූ වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *