(කොළඹ, ලංකාපුවත්) –අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව අද (17) කොළඹ ස්ථාන කිහිපයක පැවැත්වීමට නියමිත පා ගමන වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
මහජන සාමය කඩවන අන්දමට සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීමේ සූදානමක් පවතින බවට කුරුඳුවත්ත පොලීසිය කළ දැනුම්දීමක් සළකා බලමින් මේ නියෝගය නිකුත් කර තිබේ.
කොළඹ වෝඩ් පෙදෙස, ජාතික රෝහල, අක්ෂි රෝහල සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස සහ තවත් අධ්‍යාපන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලීය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම විරෝධතා පා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින්ය.