ට්‍රම්ප් රහස් තොරතුරු රුසියාවට කියයි

(කොළඹ, ලංකාපුවත්) – තමා හට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවුරෝෆ් සමඟ ත්‍රස්තවාදය සහ ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ සංවේදී කාරණා සාකච්ඡා කිරීමට අයිතියක් ඇති බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

ට්‍රම්ප්ගේ හවුල්කරුවකු විසින් හෙලිකිරීමට අවසර නොදුන් තොරතුරු මෙලෙස හෙලිකර ඇති බව එරට මාධ්‍ය සඳහන් කර තිබේ.

ධවල මන්දිරය, මේ සඳහා ඊශ්‍රායලයේ සම්බන්ධයක් ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙය නීති විරෝධී කටයුත්තක් නොවූවද, ට්‍රම්ප් සිදු කළ ක්‍රියාව විශ්වාසය කඩ කිරීමක් බව බුද්ධි අංශ බලධාරීන් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *