පූනේ සූපර් ජේන්ස් IPL අවසන් තරඟයට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට පූනේ සුපර් ජේන්ස් කණ්ඩායම සමත් විය.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩාමට එරෙහිව ලකුණු 20ක ජයක් වාර්තා කරමිනි.

තරඟයේ ප්‍රථමව පන්දුවට පහර දුන් පූනේ කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණ 162ක් රැස් කළේය.

පූනේයි ඉනිමේ පළමු කඩුලු දෙක ලෙස රාහුල් ත්‍රිපාති සහ නායක ස්ටීවන් ස්මිත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ද ඉන් අනතුරුව මනා සම්බන්ධතාවයක් ගොඩනැගීමට අජින්කේ රහානි සහ මනොජ් තිවාරි සමත් විය. රහානේ ලකුණු 56ක් රැස් කලේ පන්දු 43කටය.

ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වූ මනොජ් තිවාරි පන්දු 48කදී ලකුණු 58ක් රැස් කළේය.

අවසන් පන්දු වාර 2ක තුල ප්‍රහාරාත්මක පිති හරඹයක නිරත වූ මහේනද්‍රසිං දෝනි පන්දු 26ක් තුල ලකුණු 40ක් රැස් කලේ හයේ පහර පහක්ද සමගිනි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු නවයක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142ක් පමණි.

තරඟාවලියේ කොල්කටා නයිට්ර යිඩර්ස් සහ සන්රයිසස් හයිඩ්‍රබාද් අතර අවසන් පූර්ව තරඟය අද(17) පැවැත් වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *