පෙර මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතී

(කොළඹ, ලංකාපුවත්) – පෙර මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිවේදනය කර ඇත.

එබැවින් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් 20 වන දා සිට) අපෙක්ෂා කෙරේ.

තවද, දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශ වල පැ.කි.මී.40-50 දක්වා) සහ උතුරු සහ දකුණු මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැකිය.

බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණු සහ මධ්‍යමපළාත්වල(විශේෂයෙන් උදය සහ රාත්‍රී කාලයේදී) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + fifteen =