අද – හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –අද (18) සහ හෙට (19) දෙදින තුළ දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමංත්‍යංශය තීරණය කර ඇත.

මේවන විට දිවයින පුරා සීග්‍ර ලෙස පැතිර යන ඩෙංගු රෝගී තත්වය පාලනය කිරීම සඳහා මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර ඩෙංගු අධි අවධානම් කලාප ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 43,915ක් වාර්තා වී තිබේ. එසේම ඩෙංගු මරණ 125ක් වාර්තා වී ඇත.

දිස්ත්‍රික්ක 13ක ඩෙංගු පැතිරයාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මඩකළපුව, කල්මුණේ , කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, යාපනය, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව පළාත් පාලන ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ සහය ඇතිව අද සහ හෙට මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + nineteen =