ඉදිරි පැය 24 දී දැඩි සුළං, අධික වැසි හා මුහුද රළු වෙයි – කාලගුණයෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි පැය 24 තුළ දී දැඩි සුළං, අධික වැසි සහ මුහුදු ප්‍රදේශ රළු ස්භාවයක් ගැනීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (18) රාත්‍රී කාලයේදී තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනට බස්නාහිර දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුලු පද්ධතිය හේතුවෙන් බස්නාහිර , සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වලත් දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවලටත් මෙම වැසි තත්වය ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද ඇති විය හැකිය.

එමෙන්ම විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 50 ක පමණ වේගයකින් සුළං ඇතිවීමේ හැකියාවක් පවති.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රලු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක් ද කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *