ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල හෙට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල 2016 හෙට(19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එය ප.ව.5.00 සිට පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කළේය.

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රෙය් 2016 වසරේ දැක්වූ විශිෂ්ඨතාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා කණ්ඩායම් සහ අසමසම මෙහෙවරක නියැළී පුරෝගාමීන් සම්මානයෙන් පිදුම් ලබන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මගපෙන්වීමෙන් සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =