ජීඑස්පී ප්ලස් සහනයේ ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගත යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ජීඑස්පී ප්ලස් බදු සහනයේ ප්‍රතිලාභ උපරිම ආකාරයෙන් ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේනද්‍රස්ථානය කරා ගෙන යන ගමනේ කාන්තා ව්‍යවසායක දායත්වය ඉහළ නැංවියයුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායකත්ව සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

2017 ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායකත්ව සමුළුව කොළඹදී ඊයේ(17) පැවැත්වුණි.

සාර්ක් කාන්තා ව්‍යවසායකත්ව කවුන්සිලය එය සංවිධාන කළේය.

දකුණු ආසියාව ලෝකයේ බලවත් කලාපයක් ලෙස නැගී එමින් පවතින බවත් එහිදී කාන්තා දායකත්වය ඉහළ නැංවීම සදහා උපරිම සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් අගමැතිතුමා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *