රණවිරු සැමරුම වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැළැස්මක්

(කොළඹ, ලංකාපුවත්) –2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට(19) පැවැත්වේ.

ඒ වෙනුවෙන් මාර්ග කිහිපයක හෙට පස්වරු 02.00 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

එසේම මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරේ.

පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල මංසන්ධියට පැමිණ පන්නිපිටිය මාර්ගය ඔස්සේ පැලවත්ත , තලවතුගොඩ , කිඹුලාවල නව රෝහල දක්වා ගමන් කළ හැකිය. එමෙන්ම කිඹුලාවල මංසන්ධියේ සිට තලවතුගොඩ හරහා පන්නිපිටිය මාර්ගය ඔස්සේ පැලවත්ත හරහා පාලම් තුන මංසන්ධියට පිවිසිය හැකි බව පොලීසිය සදහන් කරයි.

රණවිරු උත්සවය පැවැත්වෙන දිනයේදී විකල්ප මාර්ග භාවිත කරමින් ඒ සඳහා සහාය ලබා දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *