UPDATE : වැල්ලවත්තේ අනතුරින් තුවාල ලැබූ ගණන 21ක් වෙයි – වැඩිදෙනා කම්කරුවන්

(කොළඹ, ලංකාපුවත්) – වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැඟිල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

මෙයින් තුවාල ලැබූ පුද්ගලයින් 14 දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) ට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මහල් පහකින් යුතුව ඉදිකරමින් පැවති ගොඩනැඟිල්ලක කොටසක් මෙලෙස කඩාවැටීමට ලක්වූයේ අද උදෑසන 11.00ට පමණි.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබු තවත් තුවාල කරුවන් 07 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරන ලද්දේ මෙම තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවය.

තුවාල ලැබූ බොහෝ දෙනා අදාළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සිදු කළ කම්කරුවන් බවත් කිසිදු පුද්ගල ජීවිත හානියක් නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

 

 

 

 

UPDATE :වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් 12ක් රෝහලට

(කොළඹ, ලංකාපුවත්) – වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) ට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මහල් පහකින් යුතුව ඉදිකරමින් පැවති ගොඩනැඟිල්ලක් මෙලෙස කඩාවැටීමට ලක්ව ඇත.

පොලිසිය මඟ එක්ව ගිනි නිවන හා මුදාගැනීමේ ඒකක සම්බන්ධ වෙමින් ගොඩනැඟිල්ලට යටවූ තවත් පිරිස් මුදාගනිමින් සිටින බව වාර්තා වේ.

 

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම්

Thursday, May 18, 2017 11.27

(කොළඹ, ලංකාපුවත්) – වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුට තුවාල සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි.

ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් අනතුරට ලක්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් මේවන විට පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

මේ සිද්ධියත් සමඟ වැල්ලවත්ත අවට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණයවී ඇතැයි වාර්තා වේ.

පොලීසිය හා අවට පිරිස් එක්ව තුවාලවූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින අතර අනතුරින් තුවාල ලැබූවන් 08දෙනෙකු කළුබෝවිල රෝහලට අතුලත් කර ඇත. එසේම තවත් කිහිප දෙනෙකු කොළඹ ජාතික රෝහලට අතුලත් කර ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − eight =