ශ්‍රී ලංකාව මැලේසියාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය රග්බි කණ්ඩායම පරාජය කරයි

(කොළඹ, ලංකාපුවත්) – මැලේසියාවේ පැවැත්වෙන ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ සිය දෙවන ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරාජය කරමින් මෙම ජය වාර්තා කළේය. ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම මෙම තරගය ජය ගනු ලැබුවේ ලකුණු 33ට 17ක් ලෙසය.

එහිදී උත්සහ දිනුම් 2කින්, ගෝල දෙකකින් සහ දඬුවම් පහරකින් ශී‍්‍ර ලංකාව ලකුණු 33 වාර්තා කර තිබුණි.

ශී‍්‍ර ලංකාව පළමු තරගයේදී පිලිපීනය පරාජය කරන ලද්දේ ලකුණු 24 ට 13ක් ලෙසිනි.

ශී‍්‍ර ලංකාව සහභාගි වන මීළඟ තරගය ලබන 20 වනදා සත්කාරක මැලේසියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *