ඉරාන ජනාධිපතිවරණය හෙටයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරාන ජනාධිපතිවරණය හෙට (19) පැවැත්වේ.

ඒ අනුව හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නව පාලකයෙකු තෝරාපත් කර ගැනීම සදහා ඉරාන වැසියන් සූදානමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරණයේ අවසානය දක්වා ඊට තරග කරන අපේක්‍ෂකයන් දෙදෙනෙකු අතර තියුණු තරගයක් පැවතීමට ඉඩ ඇති බව පැවසේ.

ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයින් 06දෙනෙකු තරග කරනු ලැබේ.

2013 වසරේ දී එරට ජනාධිපති ධුරයට පත්වූ හසන් රෝහානි දෙවන වරටත් එම ධුරය සඳහා තරග කරනු ලැබේ. 2015 වසරේ දී ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන් සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතායකට පැමිණීමට රෝහානිට හැකිවූ අතර එය ඔහුගේ ධුර කාලය තුළ ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.

එසේම ඔහුට දැඩි මතධාරී පූජකයෙකු වන ඒබ්‍රහිම් රයිසි ප්‍රබල තරගයක් එල්ලවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *