චැම්පියන්ස් කුසලානය සදහා ශ්‍රී ලංකා පිළ අද පිටත්ව යයි

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ පැවැත්වෙන 08 වන චැම්පියන්ස් කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (18) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව යනු ඇත.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට ක‍්‍රීඩකයින් පහලොස් දෙනෙකු ඇතුළත් වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සඳහන් කළේ ඉකුත් කාලයේදී ක‍්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක් වුව ද මෙවර තරගාවලියට හොඳම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට හැකිවී ඇති බවය.

ඔහු සඳහන් කළේ මෙම කුසලානය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අවශ්‍ය සියලු පසුබිම මේ වන විට සකස් කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *