සයිබර් ප්‍රහාරයේ මීළග ඉලක්කය ජංගම දුරකථනය ?

(කොළඹ, ලංකාපුවත්) – සයිබර් ප්‍රහාරයේ මීළග ඉලක්කය ජංගම දුරකථනවල අන්තර්ජාලය බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

ජන ජීවිතයට බලපෑම් එල්ල කෙරෙන එවැනි ප්‍රහාරයක් වැඩි ඈතක නොවන බව ඔවුන්ගේ විශ්වාසය වේ. රටවල් 150කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල කළ සයිබර් ප්‍රහාරය එල්ල කෙරුණ් ඉකුත් සිකුරාදා ය.

එහිදී පරිගණක ලක්ෂ 03කට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇතැයි මේවන විට වාර්තා වේ.

රැන්සම් වෙයාර් නමැති සයිබර් ප්‍රහාරයෙන් බොහෝ රටවල සෞඛය ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතුවලට දැඩි බලපෑම් එල්ල විය. සයිබර් ප්‍රහාරයෙන් පරිගණකයක් මුදා හැරීම සදහා ප්‍රහාරකයන් ඉල්ලා සිටින කප්පම් මුදල අමෙරිකානු ඩොලර් 300කි.

මේ දක්වා ඩොලර් 70,000කට අධික මුදලක් ඔවුන්ට ගෙවා ඇති බව ද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *