ජාතික රණවිරු සැමරුම් දිනය ජනපති ප්‍රධානත්වයෙන් අද

(කොළඹ, ලංකාපුවත්) – ජාතික රණවිරු සැමරුම් උත්සවය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී අද (19)පැවැත්වේ.

ඒ සඳහා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ද දිවි පිදූ රණවිරු පවුල්වල සාමාජිකයන් ද සහභාගී වේ.

එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදය පරාජය කර රට මුදාගැනීම සැමරීම සඳහා ජාතික රණවිරු උත්සවය සංවිධානය කෙරේ.

මෙම උත්සවය හේතුවෙන් අද දිනයේ බත්තරමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ඒ අනුව අද පස්වරු 2.00 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කිරීමට හෝ වසා තැබීමට සැලසුම් කර ඇති බව පොලීසිය පැවසීය.

එපොල්දූව හන්දියේ සිට පැලවත්ත හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගය, කිඹුලාවල හන්දියේ සිට කියන් හෑම් වටරවුම හරහා පාලම් තුන හන්දිය දක්වා ජපන් මිත්රුත්ව මාර්ගය, පාලම් තුන වටරවුමේ සිට කියන් හෑම් වටරවුම හරහා පොල්දූව හන්දිය දක්වා මාර්ගය සහ පැලවත්ත හන්දියේ සිට කියන් හෑම් හරහා පොල්දූව හන්දිය දක්වා යන මාර්ගවල මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

මේ හේතුවෙන් මාර්ග තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + seven =