පිළියන්දල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කුඩා දැරිය මියයයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමට පිළියන්දල – මොරටුව පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි 11 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දැරිය අද(19) අලූයම මිය ගොස් තිබේ.

පසුගිය 09 වනදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් එක් පොලිස් නිලධාරියෙකු මියගිය අතර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබීය.

එමෙන්ම වෙඩි තැබීමෙන් මියගිය දැරියගේ සහෝදරයන් දෙදෙනාද තුවාල ලබා රෝහල් ගතකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *