බස්නාහිරට අදත් තද වැසි

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර පළාතට අද (19) දිනයේ ද මිලිමීටර් සියය ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පැයට කිලෝමීටර් 50ක් පමණ වු තරමක තද සුළං සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වු තද සුළං ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල ද සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + ten =