බස් අනතුරකින් 52කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – අකුරැස්ස – ගාල්ල ප්‍රධාන මාර්ගයේ කියාඩුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් 52නෙකු තුවාල ලබා තිබේ.

අද(19) පෙරවරුවේ ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

තුවාලකරුවන් අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් බරපතළ තත්ත්වයේ පසුවූ 06 දෙනෙකු මාතර මහ රෝහලට මාරුකර යවා තිබේ.

තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයින් 21දෙනෙකු හා කාන්තාවන් 31දෙනෙකු සිටින අතර බස්රථ දෙකෙහි රියදුරන් දෙදෙනා ද ඒ අතර වේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අකුරැස්ස පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + seventeen =