බ්‍රසීල ජනපතිට අල්ලස් චෝදනාවක්

(කොළඹ, ලංකාපුවත්) – දැනට සිරභාරයේ පසුවන හිටපු දේශපාලනඥයෙකු නිහඩකර තැබීම සඳහා අල්ලස් ලබාදුන් බවට නැගෙන චෝදනා බ්‍රසීල ජනාධිපති මිෂෙල් ටෙමර් ප්‍රතික්‍ෂේප කර සිටියි.

ග්ලෝබෝ පුවත්පතේ පළ වූ ලිපියක් මගින් ඔහුට මෙම අල්ලස් චෝදනාව එල්ලකර තිබුණි.

මෙය වත්මන් පාලනයට එරෙහි මරු පහරක් විය හැකි බව පැවසේ.

හිටපු කතානායක එඩුවාඩෝ කූනියා නිහඩ කිරීම සඳහා ජනාධිපතිවරයා කිසිඳු ගෙවීමක් සිදුකළේ නැති බව බ්‍රසීල ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

කූනියා යනු බ්‍රසීලයේ හිටපු ජනාධිපතිනී ඩිල්මා රුසෙෆ් ධුරයෙන් පහකිරීමේ මෙහෙයුමේ ප්‍රධාන කාර්ය භාර්යයක් ඉටුකළ පුද්ගලයෙකු ලෙස සැලකේ. එහෙත් ඔහුට දුෂණ චෝදනා හේතුවෙන් වසර 15ක සිර දඩුවමක් නියමකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 17 =