වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – වැල්ලවත්තේ ඉදිකරමින් පැවැති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමේ සිද්ධියෙන් තුවාල ලබා සිටි අයෙකු මිය ගොස් ඇත.

පොලිසිය සදහන් කරන ලද්දේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මෙලෙස ඊයේ (18) රාත්‍රියේ මිය ගිය බවය.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් වන හසලක ප්‍රදේශයේ පදිංචි සම්පත් උදය කුමාර නැමැති අයෙකි.

ඊයේ රාත්‍රියේ දී සහන කණ්ඩායම් විසින් ගොඩනැගිල්ල තුළ සිරවී සිටිය දී මෙම පුද්ගලයාව සොයා ගෙන ඇති අතර කොළඹ ජාතික රෝහලට ඔහුව ඇතුලත් කිරීමේ දී මිය ගොස් තිබේ.

මේවන විට තුවාල ලැබූ පුද්ගලයින් 11දෙනෙකු කළුබෝවිල රෝහලේ සහ තවත් 08දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

කඩාවැඩුණු ගොඩනැගිල්ලේ තවත් පුද්ගලයින් සිරවී සිටින්නේ නම් ඔවුන් බේරා ගැනීම සදහ් පොලිසිය, යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය හා ගිනි නිවීමේ ඒකක මේවන විට මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 7 =