ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දුන් සහයෝගය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සිහිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් පසුගිය දශක හතක කාලය තුළ ඔස්ට්‍රේලියාව නැගෙනහිර පළාත ද ඇතුළුව මුළු දිවයිනම ආවරණයවන පරිදි සහයෝගය ලබා දී ඇතැයි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයින් හචිසන් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සංවර්ධන සහයෝගීතාවට වසර 70ක් සපිරීම සමරමින් පසුගිය 16වනදා ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ඡායාරූප ප්‍රදර්ශනයක් විවෘත කරමිනි.

ඔස්ට්‍රේලියානු ආධාර තුළින් මානුෂීක, සෞඛ්‍ය, අධ්‍යාපන සහ රැකියා උත්පාදන ව්‍යාපෘති හරහා ශ්‍රී ලාංකිකයන් අත්කරගත් ප්‍රතිලාභ මෙම ප්‍රදර්ශනය මගින් ඉස්මතු කර දැක්වේ.

රජය, සිවිල් සමාජය, පෞද්ගලික අංශය සහා රාජ්‍ය නොවන සංවිධාන යන සියළු අංශ සමග පවතින බැදීම මෙම වැඩසටහන්වල සාර්ථකත්වයට හේතු වී ඇතැයි බ්‍රයින් හචිසන් මහතා පැවසීය.

සංවර්ධනය සදහා වූ ඔස්ට්‍රේලියානු ආධාර අතර අධ්‍යාපනය විශේෂ ස්ථානයක් හිමි කර ගනී. අපලේ සහයෝගීතා වැඩසටහන් හරහා පාසල් ප්‍රතිසංස්කරණ, සංවර්ධනය කරන ලද විෂයමාලා, පුහුණුව ලද ගුරුවරුන් සහ සිසු සිසුවියන් සදහා වඩා යහපත් ප්‍රවේශයක් අප විසින් ලගාකර දී ඇතැයි ද හචිසන් මහතා කියාසිටියේය. දහසකට අධික ශ්‍රී ලාංකික තරුණ තරුණියන්හට, ඔස්ට්‍රේලියානු විශ්ව විදයාවල අධ්‍යාපනය ලැබීම සදහා ද පසුකම් සලසා ඇත.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ද ඔස්ට්‍රේලියාව බොහෝ කාලයක සිට ආධාර ලබා දී ඇත. යුද්ධය නිමාවීමෙන් පසු බිම්බෝම්බ ඉවත් කිරීම, නව නිවාස ව්‍යාපෘති, පාසල්, මාර්ග, වෙළෙදපලවල් ආදිය ප්‍රතිසංස්කරණය කිරීම සහ නව රැකියා අවස්ථා බිහිකිරීම යනාදී ක්ෂේත්‍ර සදහා ද ඔස්ට්‍රේලියාව දායකත්වය සපයා තිබේ.

මැයි මස 17වනදා සිට 20වනදා දක්වා ත්‍රිකුණාමල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඡායාරූප ප්‍රදර්ශනය ජනතාවට විවෘතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − four =