සයිබර් ප්‍රහාරවලින් ආරක්‍ෂාවීමට ශ්‍රී ලංකාවේ සයිබර් සෙන්ටර් එකක්

(කොළඹ, ලංකාපුවත්) – සයිබර් ප්‍රහාරවලින් ආරක්‍ෂා වීම සහා ඒ වෙනුවෙන් පියවර ගැනීම සදහා ශ්‍රී ලංකාව තුළ සයිබර් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගන්නා බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙක් තවම ශ්‍රී ලංකාවට හානියක් සිදුව නැති බවත් ඒ පිළිබද අවධානයෙන් අමාත්‍යංශය පසුවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මයික්‍රෝසොෆ්ට් ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාව සයිබර් සෙන්ටර් එකක් ස්ථාපනය කිරීමට සැළසුම් කර ඇතැයි පැවසූ හරීන් ප්‍රනාන්දු මහතා, මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා සමග ඩාවෝස් සමුළුවට ගිය අවස්ථාවේ දී සාකච්ඡා පැවැත්වූ බවද සදහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ලෝකයේ අවි – ආයුධ යුද්ධයකට වඩා මීළඟට හැම යුද්ධයක්ම පවතින්නේ සයිබර් අවකාශයේ බවයි. එබැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු යැයි ඔහු පෙන්වා දුන්නේය.

රටවල් 150කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල කළ සයිබර් ප්‍රහාරය එල්ල කෙරුණ් ඉකුත් සිකුරාදා ය. එහිදී පරිගණක ලක්ෂ 03කට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇති බවට මේවන විට වාර්තා වේ.

රැන්සම්වෙයාර් නමැති සයිබර් ප්‍රහාරයෙන් බොහෝ රටවල සෞඛය ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතුවලට දැඩි බලපෑම් එල්ල විය. සයිබර් ප්‍රහාරයෙන් පරිගණකයක් මුදා හැරීම සදහා ප්‍රහාරකයන් ඉල්ලා සිටින කප්පම් මුදල අමෙරිකානු ඩොලර් 300කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + twelve =