බටහිර ගායක ක්‍රිස් කොනෙල් සියදිවි නසා ගනී

(කොළඹ, ලංකාපුවත්) – ජනප්‍රිය බටහිර ගායකයෙකු වන ක්‍රිස් කොනෙල් ගෙල වැල ලා ගෙන සියදිවි නසා ගෙන තිබේ.

ඔහු ඩිට්රොයිට්යි පිහිටි සිය නිවසේ නාන කාමරය තුළදී එලෙස සියදිවි නසා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

52 හැවිරිදි කොනෙල් සිය ‘Soundgarden’ සංගීත කණ්ඩයම සමග පසුගිය බදාදා සන්ද්‍යාවේ ප්‍රංසගයකයට සහභාගීවීමෙන් පසු නිවසට පැමිණ එලෙස සිය දිවි නසා ගෙන තිබේ.
මේ අතර කොනෙල්ගේ නියෝජිත බ්‍රයන් බ්‍රම්බ්‍රි පවසා ඇත්තේ, කොනෙල්ගේ වියෝව අනපේක්ෂිත අයුරින් ක්ෂණිකව සිදුවූවක් බවය.

කෙසේ වෙතත් ඔහුගේ සියදිවි නසා ගැනීමට හේතු වූ කරුණු පිළිබඳව තොරතුරු හෙළි වී නොමැත.

කොනෙල් මිය යන විට ගීත ඇල්බම 4ක් නිකුත් කර ඇති අතර ‘Higher Truth’ කොනෙල් මෑතකදී නිකුත් කළ සංගීත ඇල්බමය වේ.

‘You Know My Name’ කොනෙල්ගේ අතිශය ජනප්‍රිය වූ ගීතයක් වන අතර එය ඩැනියෙල් ක්‍රෙග් රංගනයෙන් දායක වූ Casino Royale චිත්‍රපටයේ තේමා ගීතයයි.

කොනෙල් උපත ලැබුවේ, 1964 වසරේ ජුලි 20 වනදා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *