නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙයි – වැසි හා සුළං තත්ත්වයේ වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – නිරිතදිග මෝසම් තත්වය ඉදිරි දිනවලදී දිවයින හරහා ස්ථාපිත වන ආකාරයක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන් මෙම තත්ත්වය ලබන බ්‍රහස්පතින්දා (25) සිට දක්නට ලැබෙනු ඇත. මේ හේතුව නිසා දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

සමහර ස්ථාන වල (මි.මි. 75 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක(විශේෂයෙන් බස්නාහිර සහ සබරගමු පළාත්වල).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *