පිළියන්දල වෙඩිතැබීමට සහය දුන් තිදෙනෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට ආධාර අනුබල දුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය කළ මෙහෙයුමකදීය.

පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සදහා සහභාගී වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවූයේ පසුගිය 09වනදාය.

එම වෙඩි තැබීමෙන් පොලිසි නිලධාරියෙකු සහ දැරියක ජීවිතක්ෂයට පත්විය. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ සිවිල් පුද්ගලයන් කිහිප දෙනකුට තුවාල සිදුවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය දීර්ඝ ලෙස පරික්ෂණ සිදුකළ අතර එහිදී සැකකරුට අපරාධය සදහා ආධාර අනුබල දුන් කාන්තාවක සහ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *