එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතා සමුළුව පිළිබද පසු විපරම

වසර දහස් ගණනාවක් පුරා පැවති සේද මාවතේ සාමකාමී සහයෝගීතාව, විවෘතභාවය, අන්‍යෝන්‍ය අවබෝධය හා පොදු ජයග්‍රහණය යන ජීවගුණයන් ගැබ්වී තිබුණා. චීනයේ “ටං”, “සොං” සහ “යුවන්” යන රජ සමයන්හි ගොඩබිම් හා මුහුදු සේද මාවත් දෙකම වර්ධනය වුණා. එම කාලවකවානු තුළ චීනය, ඉතාලියේ හා මොරොක්කෝවේ සංචාරකයන් එම ‍‍සේද මාවත් දෙකේ ‍ඓතිහාසික සටහන් තැබුවා. ලෝක ආර්ථික වර්ධනයට නව එන්ජීමක් අවශ්‍යය වනවා. දුප්පත් පොහොසත් පරතරය අඩු කිරීමටත් වෑයම් කළ යුතුයි.

මේ අතර, ඇතැම් කලාපවල ගැටළු උදාවී තිබෙනවා. අද වන විට ත්‍රස්තවාදය ව්‍යාප්තවී තිබෙනවා. සාමය, සංවර්ධනය, පාලනය පිළිබඳව ඇති වී තිබෙන ප්‍රශ්න සමස්ත මානවයාගේ බැරෑරුම් අභියෝගයන් බවට පත්වී තිබෙනවා. “එක් තිරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඉදිරිපත් කෙරුණේ ‍මේ තත්වයන් යටතේ. ගත වූ වසර 4 තුළ 100 කට වැඩි රටවල් සහ සංවිධාන මෙම වැඩපිළිවෙළට එක්ව සිටිනවා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය සහ එහි ආරක්ෂක මණ්ඩලය සිදු කළ වැදගත් යෝජනා “එක් තිරයක් එක් මාවතක්” වැඩපිළිවෙලේ කරුණුවලට ඇතුළත් වීමත් විශේෂත්වයක්.

මෙවර සමුළුවේදී එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ “සංවර්ධනයට මූල්‍ය අනුබලය වැඩි කර දී තිබෙනවා. ඒ අනුව, සේද මාවත අරමුදලට යුවාන් බිලියන 100 ක් වෙන් කරමින් චීන මූල්‍ය ආයතනයන්ට විදේශ රටවල මූල්‍ය කටයුතු ආරම්භ කිරීම දිරිමත් කිරීම සඳහා එම ආයතනවලට යුආන් බිලියන 300 ක් වෙන් කිරීමට ද චීනය තීරණය කරා. “එක් තීරයක් එක් මාවතක්” පිළිබඳ යටිතල පහසුකම් සංවර්ධනය, බලශක්ති සම්පත් නිෂ්පාදන හා මූල්‍ය සහයෝගතාවලට අනුබලදීම සඳහා, චීන ජාතික සංවර්ධන බැංකුව සහ ආනයන හා අපනයන බැංකුව වෙන් වෙන්ව විශේෂ ණය වශයෙන් යුආන් බිලියන 250 ක් හා යුආන් බිලියන 130 ක් වෙන් කර තිබෙනවා. සහයෝගතා සමුළුව පැවැත්වුන කාලය තුළ රටවල් 30 කට වැඩි ප්‍රමාණයක් සමග ආර්ථික හා වෙළඳ සහයෝගතා ගිවිසුම්වලට අත්සන් කෙරැණා. ඒ ඒ රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ද චීනය අපේක්ෂා කරනවා.

“එක් තීරයක් එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගතා සමුළුවට සමගාමීව ප්‍රධාන තේමා 6ක් යටතේ තවත් සමුළු කිහිපයක් පැවැත්වු. ඒ අතර, චීනයේ හා විදේශීය රටවල නියෝජිතවරු 1500 කට වැඩි පිරිසක් පසුගිය 14 වැනි දින පස්වරුවේ පැවති එම සමුළුවලට එක්වී කලාපයට වැදගත් වන්නා වූ ගිවිසුම් කිහිපයකටම මෙහිදී අත්සන් කළා. ඒ අනුව, එකඟතාවන් රැසකටද එළඹුණා. දේශපාලන සන්නිවේදනය යන ප්‍රධා‍න තේමාවට අනුව පැවැති සමුළුවේදී ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සහයෝගතා ගිවිසුම් 32 කට ද අත්සන් කෙරැණා.
චීනය මුල පිරූ එක් තිරයක් එක් මාවතක් වැඩපිළිවෙළට සමගාමී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපිත කර තිබෙනවා. මේ වන විට එම බැංකුවෙන් බොහෝ ප්‍රා‍යෝගික කටයුතු පකිස්ථානය, ඉන්දුනීසියාව, කසක්ස්ථානය ඇතුළු රටවල් සිදු කරමින් පවතිනවා. ජපානය චීනය සමග සහයෝගතා පැවැත්විය හැකි ක්ෂේත්‍ර සොයා ගනිමින් එම වැඩපිළිවෙළට එක් විය යුතු බව, එක්සත් ජාතීන්ගේ හිටපු ජපාන නියෝජිත Makoto Taniguchi මහතා සමුළූවේදී සදහන් කළ කාරණය මෙම වැඩපිළිවෙලේ ඉදිරි ගමනට වැදගත් සාධකයක්. එමෙන්ම දේශපාලන සන්නිවේදනය, විවිධ පාර්ශ්වික සහයෝගතා පැවැත්වීමේ පදනමක් මෙන්ම “එක් තීරයක් එක් මාවතක්” සංවර්ධනයේ වැදගත් සහතිකයක් බව චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටු අධ්‍යක්ෂ He Li feng මහතා සමුළුවේදී පෙන්වා දුන්නා.

ඒ අනුව “එක් තීරය එක් මාවතක් රාජ්‍ය නායක සමුළුව නිමාවට පත්වුණේ, කලාපීය සංවර්ධනයට වැදගත් වන්නාවූ තීරණ රැසක් ක්‍රියාවට නැංවීමේ අරමුණ ඇතිවයි. සමුළුව සංවිධාන කළේ, චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව සහ චීන රාජ්‍ය මණ්ඩල සංවර්ධන හා අධ්‍යයන මධ්‍යස්ථානය යන ආයතන එක්වයි. රටවල් 70 ක හා ජාත්‍යන්තර සංවිධාන 40 ක පමණ නියෝජිතවරුන් 360 ක් පමණ මේ සමුළුවට එක්වුණා. එමෙන්ම රාජ්‍ය නායකයින් 28 දෙනෙක් මෙවර සමුළුවට එක් වුණා. වසර 2019 දී එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගිතා සමුළුවේ 2 වැන්න චීනයේදී පැවැත්වීමට කටයුතු කරන බව, චීන උප අගමැති “චාං ගාඕ ලී” මහතා සදහන් කළා.

 

(චීනයේ බීජිං නුවර සිට නිසංසලා රත්නායක විසින් සම්පාදිත ලිපියකි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *