ජනපති ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(23) දහවල් තුන්දින නිල රාජ්‍ය සංචාරයක් සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 308 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

ජනාධිපතිතුමා මෙම සංචාරයේ නිරත වන්නේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගෙන් ලද විශේෂ ආරාධනයකට අනුවය.

ශ්‍රි ලංකා රාජ්‍ය නායකයෙකු ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය චාරිකාවක යෙදෙන්නේ, වසර 63කට පසුවය. අවසන් වරට එවැනි චාරිකාවක නිරත වූයේ, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාය. ඒ 1954 වසරේදී ය.

ඕස්ට්‍රේලියානු – ශ්‍රී ලකා සබඳතා ඈත අතීතයට දිව යයි.

එම සබඳතාවල ඉහළ වර්ධනයක්, පසුගිය කාලයේදී දක්නට ලැබුණි. එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බූල් මහතා අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජා ගණනාවක් පසුගිය කාලයේදී වරින් වර පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =