ජනපති හෙට ඕස්ට්‍රේලියා රුක්රෝපණ මධ්‍යස්ථානයට යයි

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියා නිල රාජ්‍ය සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (24) පෙරවරු‍වේ ඕස්ට්‍රේලියා ජාතික රුක්රෝපණ මධ්‍යස්ථානය නිරීක්ෂණය ඇතුළු වැඩ සටහන් රාශියකට සහභාගිවීමට නියමිතය.

අද (23) පස්වරුවේ දිවයිනෙන් පිටත්වන ජනාධිපතිතුමා හෙට පෙරවරුවේ ඕස්ට්‍රේලියාවට ළඟාවීමට නියමිතව ඇත.

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරට ළඟාවන ජනාධිපතිතුමා එරට ජාතික රුක්රෝපණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරන අතර සිය රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කිරීමටද පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යා හා කර්මාන්ත පර්යේෂණ ආයතනයේ හා ජාතික සූර්ය බලශක්ති බලාගාරය නිරීක්ෂණයටද එක්වේ.

ඉන් අනතුරුව කැම්බරාවේ පිහිටි එකම පන්සල වන කම්බාසිටි බෞද්ධ විහාරස්ථානය වැඳපුදා ගැනීමටද නියමිතය. අනතුරුව කැන්බරා හි වෙසෙන ශ්‍රී ලාංකික හමුවකටද එක්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 4 =