පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ කම්පා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ප්‍රදේශයේ සිදු වූ ප්‍රහාරයෙන් මිය ගිය විසිදෙදෙනා වෙනුවෙන් අමෙරිකානු පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ සිය ශෝකය පළ කර ඇත.

අරියානා ග්‍රාන්ඩේ විසින් පවත්වනු ලැබූ සංගීත සංදර්ශනයකට මෙම ප්‍රහාරය එල්ල වූ අතර එම සිද්ධිය සිදු වූයේ ඇය ප්‍රසංගය අවසන් වී ප්‍රසංග භූමියෙන් ඉවත් වී ස්වල්ප වේලාවකින් පසුවය.

ශාරීරකව තමන්ට කිසිදු තුවාලයක් සිදු නොවූව ද අරියානා ග්‍රාන්ඩේ, සිය ට්විටර් පිටුවේ පළ කර ඇත්තේ තමන් හදවතින් දැඩි කම්පනයකට පත්ව සිටින බවයි. සියලු දෙනාගෙන තමන් සමාව ඉල්ලන බවත් එයට වචන නොමැති බවත් ඇය සදහන් කර ඇත.

23වැනි වියෙහි පසුව අරියානා ග්‍රාන්ඩේ සදුදා සවස සිය ප්‍රසංගය අවසන් කිරීමෙන් පසුව මෙම අවාසනාවන්ත සිද්ධිය සිදු විය.

මෙම ප්‍රහාර ඉතා බියගුළු ප්‍රහාරයක් බවද ඇය සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *