බ්‍රිතාන්‍ය අගමැතිනිය ප්‍රහාරය හෙළා දකී

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් හි පැවැති සංගීත ප්‍රසංගයකට එල්ල වූ ප්‍රහාරය බියජනක ත්‍රස්ත ප්‍රහාරයක් බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා සදහන් කරයි.

මෙම පිපිරීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 50කට අධික පිරිසක් තුවාල ලැබූහ.

බ්‍රිතාන්‍යය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ද ප්‍රහාරය හෙළා දකිමින් පණිවුඩයක් නිකුත් කර ඇත.

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් ද යන්න දැන් පරීක්ෂාවට ලක් කෙරෙන බව බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කර තිබේ. පරීක්ෂණ කටයුතු සඳහා අමෙරිකානු සහය ද ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 19 =