යෝෂිතට රට යන්න අවසර

(කොළඹ, ලංකාපුවත්) – යෝෂිත රාජපක්ෂට විදේශ ගතවීමට කොළඹ මහාධිකරණය අද(23) අවසර ලබා දුන්නේය.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා විදේශගතවීමට අවසර ලබාදෙන ලෙස ඔහු කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී ඇත.

ඔහුට ලබන 31වනදා සිට ජූලි 31වනදා දක්වා කාලය තුළ විදේශගතවීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

සී එස් එන් ආයතනය ආරම්භ කිරීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ විදෙස් ගමන් තහනමකට ලක්ව සිටියේය.

කෙසේ නමුත් විදේශ සංචාරය අවසන් වූ වහාම විදේශ ගමන් බලපත්‍රය යළි අධිකරණයට භාර දෙන ලෙසයි විනිසුරුවරයා යෝෂිත රාජපක්ෂට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + seven =